Home ව්‍යාපාරික පුවත් Decathlon – කොළඹ නගරයේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැල

Decathlon – කොළඹ නගරයේ විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවිසැල

534
0

ලොව විශාලතම ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගම වන Decathlon  පසුගියදා කොළඹ නගරය තුළ සිය දෙවැනි විශාලතම අලෙවිසැල විවෘත කිරීමට කටයුතු කළේ ය. මෙය ක්‍රීඩාව හා ශරීර සුවතාව හරහා ජනතාව වඩාත් සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් වෙත යොමු කරවීම සඳහා Decathlon  දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරකි. අංක 323, යුනියන් පෙදෙස, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි, වර්ග අඩි 500ක ප්‍රමාණයකින් යුත් මෙම අලෙවිසැල වෙතින් පාරිභෝගිකයන්ට දැන් උසස්ම තත්ත්වයේ ක්‍රීඩා භාණ්ඩ වඩාත් පහසුවෙන් මිලදීගත හැකි වේ.


සුවිශේෂී සංකල්පයක් අනුව සැලසුම් කර ඇති Decathlon  අලෙවිසැල තුළදී පාරිභෝගිකයන්ට විවිධ ක්‍රීඩා වර්ග 50 කට වැඩි සංඛ්‍යාවක් සඳහා වන උපකරණ 5000 කට වැඩි ප්‍රමාණයක් අතරින් තමන්ට කැමති භාණ්ඩ පහසුවෙන් තෝරාගත හැකි අතර, එහිදී ඔවුන්ට විශිෂ්ට පාරිභෝගික සේවාවක් සැපයීමට Decathlon  කාර්ය මණ්ඩලය සූදානමින් සිටී. ආධුනික මට්ටමේ සිට ප්‍රවීණයන් දක්වා ක්‍රීඩාවේ ඕනෑම මට්ටමක සිටින අයෙකුට සුදුසු ක්‍රීඩා භාණ්ඩ මෙහිදී ලබාගත හැකි අතර, අලෙවිසැල සතියේ සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා විවෘතව පවතිනු ඇත.


මේ පිළිබඳව අදහස් දක්වමින් Decathlon Sri Lanka  හි මෙරට ප්‍රධානී Melis Kurtyilmaz මෙසේ පැවසී ය. Decathlon  ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ දශකයකට අධික කාලයක සිටයි. අපගේ එක් ප්‍රධාන නිෂ්පාදන ක්‍රියාවලියක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වනවා. මේ වනවිට මෙරට තුළ අප සතු කර්මාන්ත ශාලා 15 ක මෙන්ම අපගේ සැපයුම්කරුවන් 18 කට අධික පිරිසක් සමග 20,000 කට අධික පිරිසක් සේවය කරනවා. 2020 වසර තුළ මේ වනවිට අප අපනයනය කර ඇති නැව් බහාලුම් සංඛ්‍යාව 2000 කට අධිකයි, නව අලෙවිසැල විවෘත කිරීමට අප කටයුතු කළේ උසස් තත්ත්වයේ ක්‍රීඩා උපකරණ පහසු මිලට ලබාගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට උදාකර දීමේ අරමුණින්. මේ ආකාරයට කොළඹ සහ තදාසන්න ප්‍රදේශ වලට අමතරව ඉදිරියේදී රටේ සෑම පළාතකටම Decathlon  ව්‍යාප්ත කරවීම අපගේ ඉලක්කය වී තිබෙනවා. “අප සියලු දෙනාම ක්‍රීඩාව කෙරෙහි මහත් උනන්දුවක් ඇති, ඒ උනන්දුව ඔස්සේ ක්‍රීඩාව සියලුම දෙනා වෙත සමීප කරවීමේ මෙහෙවරට උරදෙන පිරිසක්. දශක 4 ක කාලයක් තිස්සේ ලොව ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට මෙන්ම එය වෙනස් කිරීමටද දායක වීමට Decathlon  සමත් වී තිබෙනවා”. Melis Kurtyilmaz  මහත්මිය වැඩිදුරටත් පැවසුවා

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ තුළ දශකයකට අධික පළපුරුද්ද සමගින් Decathlon සිය කර්මාන්ත හවුල්කරුවන් සමග එක්වී නිෂ්පාදන මිලියන 45 කට අධික සංඛ්‍යාවක් නිපදවා ඇත. මේ වනවිට අප ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රියතම ක්‍රීඩා සන්නාමය බවට පත්වෙමින් සිටිනවා. ඉහළ ප්‍රමිතියෙන් යුත් භාණ්ඩ සුවිශේෂී මිලගණන් වලට ලබාදීම සම්බන්ධයෙන් අප බෙහෙවින් ජනප්‍රියයි. අපගේ කණ්ඩායම, විවිධ ක්‍රීඩා වලට සම්බන්ධ වී සිටින, සැබෑම ක්‍රීඩා ලෝලීන් 30 කට වැඩි පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක්. සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට ක්‍රීඩා ක්ෂේත්‍රය වඩාත් සමීප කරවීම සඳහා අප සැබවින්ම කැපවී සිටිනවා.”  Decathlon  හි පාරිභෝගික අලෙවි ප්‍රධානී Mihai Mirt  පැවසී ය.


නවීනතම ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ භාණ්ඩ මිලදීගැනීම වඩාත් පහසු කරමින් අන්තර්ජාලය ඔස්සේ තමන්ට අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දීමටත්, ඇණවුම් කළ භාණ්ඩ කොළඹ නගර සීමාව තුළ එදිනම ගෙනගොස් භාරදීමට හෝ අලෙවිසැල වෙත පැමිණ ලබාගැනීමට පහසුකම් සැලසීමටත් Decathlon කටයුතු කර තිබේ. www.decathlon.lk  වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් මෙලෙස Decathlon භාණ්ඩ මිලදීගත හැක.

 Decathlon  පිළිබඳව 1976 වසරේදී Decathlon  ආරම්භ කරන ලද්දේ ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියෙකු වන
Michel Leclercq  විසිනි. මේ වනවිට එම සමාගම ඉහළ වටිනාකමකින් යුත්, උසස් තත්ත්වයේ, කල් පවතින භාණ්ඩ සහනදායී මිලට ලබාදෙන පුරෝගාමී ක්‍රීඩා භාණ්ඩ අලෙවි සමාගමක් ලෙස ප්‍රසිද්ධියක් හිමිකරගෙන සිටී. තමන් සහ අන් අය පිළිබඳව දැඩි ලෙස වගකීම්සහගත වීම මෙන්ම පාරිභෝගිකයන්ගේත් පරිසරයේත් ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම Decathlon  හි මූලිකම ගුණාංග වේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here