Home පුවත් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා MMBL Money Master අතර වෙස්ටර්න් යුනියන් මුදල් සම්ප්‍රේෂණ...

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා MMBL Money Master අතර වෙස්ටර්න් යුනියන් මුදල් සම්ප්‍රේෂණ සේවාව ක්‍රියාත්මක කිරීමේ සුවිශේෂී සහයෝගීතාවයක්

67
0

නේෂන්ස් ට්‍රස්ට් බැංකුව හා MMBL Money Master අතර ගොඩනංවාගෙන තිබෙන නවතම සහයෝගීතාවය ඔස්සේ වෙස්ටර්න් යුනියන් මුදල් සම්ප්‍රේෂණ සේවා වඩාත් විශිෂ්ට ලෙස භාවිතා කිරීමේ හැකියාව ගනුදෙනුකරුවන්ට ලැබී තිබේ. මෙම සහයෝගීතාවය නිසා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මුදල් සම්ප්‍රේෂණ සේවා ජාලය තවදුරටත් පුළුල්වන අතර, රට පුරා විසිර සිටින ගනුදෙනුකරුවන්ට මුදල් සම්ප්‍රේෂණ සේවා සඳහා වැඩි ප්‍රවේශයක් සහතික කරනු ලබයි. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ශාඛා 90කට වැඩි සංඛ්‍යාවක් දිවයින පුරා පිහිටා තිබෙන අතර එම ශාඛා සියල්ලම මගින් වෙස්ටර්න් යුනියන් මුදල් සම්ප්‍රේෂණ සේවාව භාවිතා කළ හැකිය.

වෙස්ටර්න් යුනියන් යනු ජාත්‍යන්තර මුදල් සම්ප්‍රේෂණ සේවාවන් අතර ප්‍රමුඛතම සන්නාමයක් වන අතර, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 200කට අධික සංඛ්‍යාවක ජාත්‍යන්තර මුදල් සම්ප්‍රේෂණ සේවා ජාලයක් වෙත සිය සේවය ලබා දෙයි. ලෝකය පුරා රටවල් විශාල ගණනාවක වාසය කරන හා සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට මව්බිමේ ඥාතීන් වෙත මුදල් සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතා වඩාත් පහසුවෙන් ඉටුකරදීමට වෙස්ටර්න් යුනියන් කටයුතු කරමින් සිටින්නේ දීර්ඝ කාලයක සිටය.

MMBL Money Master යනු මර්කන්ටයිල් මර්චන්ට් බැංකුව හා එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී අතර ක්‍රියාත්මක හවුල් ව්‍යාපාරයක් වන MMBL Money Transfer පුද්ගලික සමාගමේ ව්‍යාපාර සන්නාමය වන අතර, ශ්‍රී ලංකාව තුල වෙස්ටර්න් යුනියන් මුදල් සම්ප්‍රේෂණ සේවාව සපයනු ලබන 2000කට අධික සේවා සැපයුම් මධ්‍යස්ථාන ජාලයකින් යුක්ත විශාලතම නියෝජිතායතනයද වේ.

Business Today සඟරාව මගින් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම් කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැලපෙන තිරසාර මූල්‍ය සේවාවන් හා විසඳුම් රැසක් හඳුන්වාදී ඇති නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, පාරිභෝගික සේවාව සම්බන්ධයෙන් ද විශාල ප්‍රසාදයක් දිනා සිටී. දිගුකළ බැංකු කාලය ආදී පාරිභෝගික කේන්ද්‍රී බැංකු සේවා රැසක් පළමු වරට හඳුන්වා දීමට ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මුල්විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රථම පූර්ණ ඩිජිටල්කරණ බැංකු අත්දැකීම වන FriMi හඳුන්වාදෙන ලද්දේ ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසිනි. එමෙන්ම තම කාඩ්පත් හිමියන්ට විශිෂ්ට වටිනාකමක්, සේවාවක් හා සබඳතාවක් නිර්මාණය කරදෙමින් ශ්‍රී ලංකාව තුළ අමෙරිකන් එක්ස්ප්‍රස් කාඩ්පත් නිකුත් කිරීමේ පූර්ණ බලය ද නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු වේ. මේ වනවිට දිවයින පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකු ශාඛා 96ක්  විවෘත කර ඇති අතර, ATM යන්ත්‍ර 127ක් ද ස්ථාපිත කර ඇත. ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත්‍ර 48ක් ද ස්ථාපිත කර ඇති අතර, Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත්‍ර 3,700කට අධික සංඛ්‍යාවක් සමඟ සම්බන්ධ වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here